Thursday, November 1, 2012

ලැබූ දෙය


ඔවුන් සශ්ශ්‍රීකත්වය ප්‍රාර්ථනා කලෙමු.
ඔවුන් වාසනාව වගා කලෙමු,
නමුත් පැතූ සශ්ශ්‍රීකත්වය අහසටම වාෂ්ප විය.
අහෝ....

දිගටම කන්නලවු කලෙමු,

මෝසම හමා ආවේය,
පිනි පොදත් සමග සශ්ශ්‍රීකත්වය ඇද හැලින,
තණ පිඩක් නොමැත් මිහි කතින්
වාසනාව මුහුදට රැගෙන ගියේය.

ආශ්චර්ය වනුයේ තෙරක් නොපෙනෙන තරමට
රජුන් තැනූ මහා වැව්,
වාන් දොරටු විවෘත වීමයි.
එයද දින කිහිපයකිනි

හෙට දිනයේ සෘජුව හිරු මුදුන් වුවහොත්
කන්න දෙකකින් එකක් ඹවුනට අහිමි වෙයි.
ජල කළමණාකරණ අමාත්‍යංශයේ නිලධාරීන්
තම උපරිම හැකියාව යොදා සැපයුම පාලනය කරනු ඇත.

මහා පරාක්‍රමබාහු රජතුමනි.....
ඔබතුමා පරාක්‍රම සමුද්‍රය තව ටිකක් ගැඹුරට
තැනූවේ නැති නිසා අපේ ගොවීනට
තවත් කන්නයක් අහිමි උනා
ඇමතිතුමා සුපුරුදු ඇඩහැරය නගනු නැතැයි කිසිවෙකුට කිව හැකිද?

1 comment:

  1. නිසි ක්‍රමවේදයක් නැතුව ඔහේ යන්නන් වාලේ යන්න දෙන එකේ ප්‍රතිඵල තමා අද අපි හැමෝම භුක්ති විඳින්නේ :(

    ReplyDelete