Wednesday, January 30, 2013

කාගේ යුතුකමද?



නාගරික තත්වයෙන් ටිකක් ඈත් වුන පැත්තකබස් එකේ යනකොට ඉස්කොලයක් ලගින් මැදි වයසේ කාන්තාවක් බස් එකට ගොඩ උනා. සාරියක් ඇදගෙන හිටියෙ.
බස් එකේ ඉදගන්නවනම් ඉදගන්න වෙන තැන් වල ආසනත් තිබුණා. ඒත් ඇය ඉදගන්නෙ නැතුව ඉස්සරහට ගියා. ගිහින් නැවතුනේ පොඩි ගෑනු ළමයෙක් ඉදගෙන හිටිය තැනක. ඇයව දැක්ක ගමන්ම පොඩි ළමයා ආසනෙන් නැගිටලා ඇයට ඉදගන්න දුනනා.
ඒ ළමයා වට පිට බලලා වෙන ආසනයක් තියනවද බලනකොට බස් එක ඊළග නැවතුමට ඇවිත් එතනින් ගොඩඋන අය බස් එකේ ඉදගත්තා.

මේ ගෑනු ළමයා අමාරුවෙන් බෑග් එකත් උස්සගෙන බස් එකේ යනවා.

කොහම හරි අර මැදිවයසේ කාන්තාව වැඩි දුරක් යන්න කලින් බස් එකෙන් බහින්න සූදානම් උනා.... වටපිට බලලා හිටගෙන හිටිය තවත් ඒ වයසෙම වගේ තවත් කානතාවක්ට කතා කරලා ඉදගන්න එන්න කියල‍ා අර එතුමියට ආසනේ දුන්න පොඩි ළමයට කියලම බස් එකේ සීනුවත් නාද කරවගෙනම බස් එකෙන් බැස්සා....

අර පෙ‍ාඩි ළමයා බස් එකෙන් බහැලා යනකම්ම කල්පනා කරා...

කතෘ- සිතන ආකාරයට මැදිවයසේ කාන්තාව ඇයගේ ගුරුවරියකි. ලංකාවේ පාසල් පද්දතිය තුල ගුරු ගෞරවය, ප්‍රාථමික පන්තියේ සිට උගන්වයි.
එයට ප්‍රයෝගිකව අත්විදිය යුත්තේ ශිෂ්‍යයා පමනද?

වර්තමනය වන විට නැතිවී යනවායැයි පවසන ගුරු ගෞරවය නැති කරන්නේ ශිෂ්‍යයා පමනද?
ගුරුවරයාටත් සදාචාරාත්මක යුතුකම් කියා දෙයක් නොමැතිද?


නුඹ නොපතන උන්




සේද සලුපිලි රන් මුතු
අපට අහිමිද?

තනි වූ පීවිතය
අපේ පැතුම නොවෙමු,
මවක් නැති, පියෙක් නැති
ඒ ජීවිතය උරුම කරේ නුඹයි

අපට එසේ ජීවත් විය හැක....
අහස අප තෙමන්නටද,
වේලක්කටද බලා සිටී,
එය අපගේ හිසේ සෙවනයි.
පොළව අපගේ සයනයි,
කඩපිලද, තෘණ පිටියදඅපගේ නවාතැනයි...

සියල්ල අපගේ උරුමයයි....
එය අපට විද ගත හැක.

නමුත් සොයුරියනි නුඔ....
සිසිල් මද නළ හමන,
විල්ලුදපලස් ඇතිරූ යන්ත්‍රයකින් බැස
අපට කරන සේවය කුමක්ද?

අපට අපගේ නිදහස සැපය

අප ඉගෙන ගන්නවා කියා.......
නුඔ වැනි බොරු ආටෝපයෙන් හිස උදුන්මා ගත්
තවත් හිස් ගැහිනියක් වී...
අප වැන්නවුන් ඇතිකරන්නට

අප අකමැතිය....


-         කතෘ
වීදි දරුවන් පුනරුත්තාපන වැඩසටහනකට වීදි දරුවන් යොමුනර ගැනීමට පැමිණී තරුණ රාජ්‍ය සේවිකාවකට වයස 13ක පිරිමි ළමයෙක් හා ඔහු සමග ජීවන අරගලයේ කුස පුරවා ගැනීමට තුත් කරන ඔහුගේම සොහොයුරියන් දෙදෙනාගේ සාකච්චාවක කොටසක් ඇසුරිනි.