කර්කශ වූ සිතුවිල්ලක
අරුත කිම දැයි නුඔ අසන්නට
දිගුකළමි දෑත මම
යමක් ඇතිදෝ නුඔ හෝ ලබන්නට
කුස ගින්න වැඩි වුවත්
හැකි දරන්නට තෙහෙට්ටුව මට
යමක් නොලබා සිනා සෙන්නට
කල හැකිය එය දරාගන්නට
විඩා වූ මගෙ දෙනෙත
දිටිමි ඹබ බලා හිදිනු ජරා වූ මගෙ රුව
හදේ හැගීම ඇසින් නොපෙනෙන
අවු කණ්නාඩියකින් දෙනත වසා ගෙන
හුරු පුරුදු නුඹේ රුුව
දැක ගැසුන මගේ ලය
නුඹ නුඹමදැයි
අහන්නේ කෙලෙසද?
නුඹ ඇදින ගන්නට
මගේ දෑස අදුර වී හමාරය
ඇල්ලුවෙමි දෑත මම
යමක් දෙයිදෝ නුඹ ගෙන් අසන්නට
බැන වැදුනු නුඹේ මුව
ඉකි ගසනු මට පෙනින... නුඹේ ලය
මා නොවූ වත් නුඹේ මව
නුඹයි පුතු ,
මා වැදූ මේ ලොවට
( කතෘගේ මනඃකල්පිත රචනයකි, සත්‍ය
සිදුවීමක් පාදක විය.)
කතෘ: දිනක් රාත්‍රීයේ බස් රථයක්
පැමිණෙන තුරු හුදකලාව බස් නැවතුමක නැවතී සිටයදී ඹබ්බෙන් වූ වයෝවෘද්ධ කාන්තාවක්
තවත් එවැනි තැනැත්තියකට විසිතර කළ සිදුවීමක් ආශ්‍රයෙනි.
--
දහවල් කාලයේ සුපිරි වෙළද සංකීර්ණයක්
අසල ගැවසෙමින් , සිටින මිනිසුන්ගෙන් මුදල් ඉල්ලමින් සිට ඇත. කුඩා දැරිවියක සමග
පැමණි වැදගත් වංශක්කාරයෙකු ලෙස හැසිරිණු තැනැත්තෙකුගෙන් අතට තට්ටුවක් දමා මුදලක්
ඉල්ලා ඇත. එහිදී ඔහු ඇයට නිගාවන ලෙස බැන වැදී ඇති අතර ආපසු යාමට ඉවතට හැරෙත්ම
ඔහුගේ මුහුණ බලා ඇත.
................. ඇය සිතනුයේ මීට වසර
19කට පෙර උසස් අධ්‍යෘපනයට විදේශ ගත වූ ඇයගේ පුත්‍රයා ඹහු ලෙසටයි.