Saturday, February 16, 2013

පොල් විකුනන මාධ්‍ය


ආශ්චර්යමත් ලංකාව අපූරුය.
ළමයාද සොරකම් කරයි
එයටද හේතු තිබේ.

සොරකම් කරනනේද පොල් ය ගෙඩියක් රු 40ක් වන පොල්ය
එයට ඊට වඩා හේතු තිබේ.

නිතියත් අපූරුය.

කෙසේ කුමක් වුවත් පසු ගියදා වයස අවුරුදු 13ක ළමයකු පොල් ගෙඩි 08ක් සොරකම් කිරීමේ සිද්ධිය මාද්‍ය වවා ගෙන කෑවෙය.  ඇය ළමයකු වුවත් කුමන අරමුණින් කළත් වරද වරදමය. එයට දඩුවම් ලබ‍ා දීම ඇට හොදය. අඩු පාඩු කොතෙකුත් තිබුනත් එයට විසදුම සොරකම් කිරීම වැනි අයතා මාර්ග වලින් මුදලු ඉපයිම නොවන බව ඇයට තේරුම් කළ යුතුය.
එය නීතියේ වගකීමයි.

නමුත් ඇය සමාජය ඉදිරියේ සොරකු ලෙස හංවඩු ගැසිය යුතුද? මාධ්‍ය ඇය වෙනුවෙන් කථා කරනවායැයි පවසා මුලු මහත් සමාජයටම ඇගේ අන්න්‍යතාවය හෙළි කිරීමෙන් අපේක්ෂාකළේ කුමක්ද? අනකම්පාවක් ලබා දීම වුවත් ඒ අනුකම්පාව සමාජය ලබාදෙන්නේ සොරකුට මිස ළමයකුට නොවේ.

මාධ්‍ය හෙළීකල අනෙක් කරුණ නම් සුත්‍රී දූෂකයකුට රු 10 000යි.  සොරකම් කළ ළමයාට රු 50000යි.

මෙය කොතරම් සාධාරණද?

ළඹයා සැසදිය යුත්තේ දූෂකයකු සමගද? දූෂකයා හදුන්වා තිබෙන්නේ දුෂනයට ලක් කල මන්ත්‍රී වරයා ලෙස ගරු නමබු නාමද ඇතුලුවය.
මෙයද තවදුරටතු සිදුවිය යුත්තේ.

නීතියේ අඩු පාඩු සකස් කළ යුත්තේ මාධ්‍ය අවශ්‍යතා මතද? මාධ්‍ය යෙන් ඒවා ඉදිරිපත් කිරීම හොදය. නමුත් නීතිය ක්‍රියාත්මක විය යුත්තේ මධ්‍ය යට අවශ්‍ය ආකරයටද?

කවුරුන් දැන් කුමක් කළත් කුමක් කීවත් ඇයගේ ලෝකය ඇයට අහිමි වී ඇත.  

Friday, February 1, 2013

නරියාට කුකුල් කූඩුව බලාගැනීමට දීම



අර තුමිය ගත්ත ගමන්ම කල කතාව සම්බනදවයි.

ලංකාවේ විදුලි නිශ්පාදනයේ පිරිවැය අඩු කරලා ජනතාවට සහන දෙනවලු....
ලංකාවෙ වෙන්න ඕන විදුලි බිල අඩු කරන එකද? බලශක්ති කර්යක්ෂමතාව ඇතිකරන එකද?
අඩු මිලට දෙන්න ගිහින් ඉල්ලුම පාලනය කල හැකිද?
අඩු මිලට දෙන්නේ විදුලි බල මණ්ඩලයේ දෛනික පාඩුව රුපියල් මිලියන කීයක් කරගෙනද?

ස්යංක්‍රීය මට්ටමේ විදුලිබල පද්දතියක් ලංකාවේ ස්තාපිත නොවේද?
විදුලිබලය සහනදායි ලෙස පරිබෝජනයට ඉඩ ලබ‍ාදිය යුත්තේ දුප්පතා හෙවත් යම් කිසි මට්ටමකට වඩා අඩු ආදායම් ලාබින්ට නොවේද?

මණ්ඩලයේ පිරිවැය ගැනත් මොනවදෝ කීවා.
ඒත් පරිපාලනයේ සිට කාර්මික/ තාක්ෂණික ශිල්පියා තම උපරිම කාර්යක්ෂමතාවයෙන් සේවයේ නිරතවිය යුතු බව අඩුම වශයෙන් බලාපොරොත්තු වන වා යැයි පැවසීමට නොහැකිද?

විදුලි වෘතීය සමිති වලටම ගැලපෙන, පරිපාලනයේ ගසා කෑම්වලට ඉඩ ලැබෙන ඇමතිවරියකි.

එදාවේල දේශපාලන තීරණ මත ලංකාව තව කොපමන කාලයක් පාලනය වෙයිද?

මොවුනව පාර්ලිමේතුවට යවා වාහන බලපත්‍ර නොමිලේ ලබාදෙන ජනතාවනි,
2015 දි වර්ෂාව නොමැතිව පැය 12ක් වත් විදුලි කප්පාදුවක් සිදුවන බව පැහැදිලි වුවහොත් 2014 දී මහාමැතිවරණයට කුප්පි ලාම්පුවක් දෙනවායැයි තවත් චන්ද පොරොනදුවක් නොදේවියැයි ඔබට වගකිවිය හැකිද?

ආසියාවේ ආශ්චර්ය කරා ඇමතිවරුන් ගෙන යන මහා රජානෙනි, ඔබට චිරං ජයතු...