Wednesday, August 28, 2013

ප්‍රේක්ෂකයාගේ ප්‍රශ්නය








ශ්‍රී ලංකා දේශහිතයිශී ඇතැම් ක්‍රීඩා ලෝලීන් මේ වන විට සංගක්කාරගේ තෝරා ගතයුත්තේ කුමක්ද යන්න පිළිබදව විවිධ අදහස් පලකරමින් පවතී. රට ද මුදල්ද ලෙස එය මේ වන විටත් මාතෘකා කර හමාරයි. ඇතමුන්ට අනුව මේ වනවිටත් සංගක්කාර යනු දේශද්‍රෝහියෙකි.
මරුටි කාර් දුවන මේ රටේ, බොලිවුඩ් නලු නිලියන් සමග විවාහ වීමට සිහින දකින පුද්ගලයින් ජීවත්වන මේ රටේ, ශ්‍රී ලංකාවට සැමදා එරෙහිවන ශ්‍රී ලාංකීය නිශ්පාදන තම ප්‍රාන්තයට ගෙන්වීම තහනම් කළ දකුණු ඉන්දියාවේ නිපදවන චිත්‍රපට උණු කැවුම් සේ අලෙවි වන මේ රටේ සුද්ද පුරුදු කරපු මහත්වරුන්ගේ ක්‍රීඩාව කරන කිහිපදෙනෙකුට විතරක් රට ගැන හිතන්නලු.
Facebookවාදී පාලනයක් තියන ශ්‍රී ලංකාව වගේ රටක උගත්, බුද්දිමත් profile හිමියන්ට ඕන දේ වෙනවනම් ලංකාවේ භූගෝලීය පිහිටීමත් වෙනස් වෙනවා. (ඒ තරමටම ඒක සංකීරණයි).කුමාර සංගක්කාර යනු  Facebook හි බොහෝ profile හිමියන්ට වඩා දැනුමක් (මොළයක්) ඇති ක්‍රීඩකයෙකි. පරිණත වූ වයස මෙන්ම අත්දැකීම්ද ඔහු සතුව ඇත. අපට වඩා ඔහු, ඔහු ගැන දනී.
ඔහු නිවැරදි දේ තෝරා ගනිවි.
*ඔහු තෝරාගන්නේ කදුරට කණ්ඩායම නම් සැබැවින්ම අප ආඩම්බර විය යුතුයි. ඒ ඔහු  උපන් ගමට, මවු බිම නියෝජනය කරන කණ්ඩායම තෝරාගත් නිසාය.
* ඔහු තෝරාගන්නේ හයිද්‍රාබාද් සන් රයිස් නම් සැබැවින් ම අප සතුටු විය යුතුයි. ඒ විදේශිය කණ්ඩායමකට ශ්‍රී ලාංකිකයකු ක්‍රීඩා කරන නිසාවෙනි. ඒ සියල්ලටම වඩා සංගක්කාර උපයන මුදල ලංකාවේ විදේශ විනිමය ඉපයීමත් වන නිසාත් , විදේශ සංචිත ප්‍රමාණය ඉහල යෑමටත්, විදේශ විනිමයට සුලුහෝ සහනයක් ඉන් ලැබෙන නිසාවෙනි.
තවද බන්කොළොත් බාවයෙන් වෙළී පවතින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙන මුදල ගැනද සිතිය යුතුය. එය හයිද්‍රාබාද් සන් රයිස්  කණ්ඩායමට ක්‍රීඩා කරනවාට සංගක්කාරට ලැබෙන මුදලට වඩා වැඩිය. එය අහිමි වුවහොත්  ක්‍රිකට් ආයතනයට විශාල පාඩුවකි. එයට ඔවුන් ද අකමැතිය. ( අතට ගත්ත දේ කටට දා ගැනීමට නොහැකි වීමක් ලෙස දැක්විය හැක)

  සංගක්කාර ඔහුගේ තෝරා ගැනීම තෝරා ගනීවි. ඒ දෙස අප බලාහිදිමු. ඔහු ක්‍රීඩා කරාවි. තරගාවලියේ ප්‍රේක්ෂකයන් වන අපට ඉතිරි වන්නේ DIALOG TV මාසික බිල පමණි( නාමල් අයියාගේ නාලිකාවේ පෙන්වන්නේ නැතිවෙයි)

No comments:

Post a Comment