Wednesday, January 30, 2013

කාගේ යුතුකමද?



නාගරික තත්වයෙන් ටිකක් ඈත් වුන පැත්තකබස් එකේ යනකොට ඉස්කොලයක් ලගින් මැදි වයසේ කාන්තාවක් බස් එකට ගොඩ උනා. සාරියක් ඇදගෙන හිටියෙ.
බස් එකේ ඉදගන්නවනම් ඉදගන්න වෙන තැන් වල ආසනත් තිබුණා. ඒත් ඇය ඉදගන්නෙ නැතුව ඉස්සරහට ගියා. ගිහින් නැවතුනේ පොඩි ගෑනු ළමයෙක් ඉදගෙන හිටිය තැනක. ඇයව දැක්ක ගමන්ම පොඩි ළමයා ආසනෙන් නැගිටලා ඇයට ඉදගන්න දුනනා.
ඒ ළමයා වට පිට බලලා වෙන ආසනයක් තියනවද බලනකොට බස් එක ඊළග නැවතුමට ඇවිත් එතනින් ගොඩඋන අය බස් එකේ ඉදගත්තා.

මේ ගෑනු ළමයා අමාරුවෙන් බෑග් එකත් උස්සගෙන බස් එකේ යනවා.

කොහම හරි අර මැදිවයසේ කාන්තාව වැඩි දුරක් යන්න කලින් බස් එකෙන් බහින්න සූදානම් උනා.... වටපිට බලලා හිටගෙන හිටිය තවත් ඒ වයසෙම වගේ තවත් කානතාවක්ට කතා කරලා ඉදගන්න එන්න කියල‍ා අර එතුමියට ආසනේ දුන්න පොඩි ළමයට කියලම බස් එකේ සීනුවත් නාද කරවගෙනම බස් එකෙන් බැස්සා....

අර පෙ‍ාඩි ළමයා බස් එකෙන් බහැලා යනකම්ම කල්පනා කරා...

කතෘ- සිතන ආකාරයට මැදිවයසේ කාන්තාව ඇයගේ ගුරුවරියකි. ලංකාවේ පාසල් පද්දතිය තුල ගුරු ගෞරවය, ප්‍රාථමික පන්තියේ සිට උගන්වයි.
එයට ප්‍රයෝගිකව අත්විදිය යුත්තේ ශිෂ්‍යයා පමනද?

වර්තමනය වන විට නැතිවී යනවායැයි පවසන ගුරු ගෞරවය නැති කරන්නේ ශිෂ්‍යයා පමනද?
ගුරුවරයාටත් සදාචාරාත්මක යුතුකම් කියා දෙයක් නොමැතිද?


1 comment:

  1. ඇත්තම කතාවක්.හදවතින්ම එකඟයි. නණළල ගැනත් ටිකක් හිතා බැලුවානම් පංකාදුයි.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete