Saturday, February 16, 2013

පොල් විකුනන මාධ්‍ය


ආශ්චර්යමත් ලංකාව අපූරුය.
ළමයාද සොරකම් කරයි
එයටද හේතු තිබේ.

සොරකම් කරනනේද පොල් ය ගෙඩියක් රු 40ක් වන පොල්ය
එයට ඊට වඩා හේතු තිබේ.

නිතියත් අපූරුය.

කෙසේ කුමක් වුවත් පසු ගියදා වයස අවුරුදු 13ක ළමයකු පොල් ගෙඩි 08ක් සොරකම් කිරීමේ සිද්ධිය මාද්‍ය වවා ගෙන කෑවෙය.  ඇය ළමයකු වුවත් කුමන අරමුණින් කළත් වරද වරදමය. එයට දඩුවම් ලබ‍ා දීම ඇට හොදය. අඩු පාඩු කොතෙකුත් තිබුනත් එයට විසදුම සොරකම් කිරීම වැනි අයතා මාර්ග වලින් මුදලු ඉපයිම නොවන බව ඇයට තේරුම් කළ යුතුය.
එය නීතියේ වගකීමයි.

නමුත් ඇය සමාජය ඉදිරියේ සොරකු ලෙස හංවඩු ගැසිය යුතුද? මාධ්‍ය ඇය වෙනුවෙන් කථා කරනවායැයි පවසා මුලු මහත් සමාජයටම ඇගේ අන්න්‍යතාවය හෙළි කිරීමෙන් අපේක්ෂාකළේ කුමක්ද? අනකම්පාවක් ලබා දීම වුවත් ඒ අනුකම්පාව සමාජය ලබාදෙන්නේ සොරකුට මිස ළමයකුට නොවේ.

මාධ්‍ය හෙළීකල අනෙක් කරුණ නම් සුත්‍රී දූෂකයකුට රු 10 000යි.  සොරකම් කළ ළමයාට රු 50000යි.

මෙය කොතරම් සාධාරණද?

ළඹයා සැසදිය යුත්තේ දූෂකයකු සමගද? දූෂකයා හදුන්වා තිබෙන්නේ දුෂනයට ලක් කල මන්ත්‍රී වරයා ලෙස ගරු නමබු නාමද ඇතුලුවය.
මෙයද තවදුරටතු සිදුවිය යුත්තේ.

නීතියේ අඩු පාඩු සකස් කළ යුත්තේ මාධ්‍ය අවශ්‍යතා මතද? මාධ්‍ය යෙන් ඒවා ඉදිරිපත් කිරීම හොදය. නමුත් නීතිය ක්‍රියාත්මක විය යුත්තේ මධ්‍ය යට අවශ්‍ය ආකරයටද?

කවුරුන් දැන් කුමක් කළත් කුමක් කීවත් ඇයගේ ලෝකය ඇයට අහිමි වී ඇත.  

3 comments:

  1. ගයියා....
    මේ සිදුවිම් මාධ්‍ය මගින් හුවා නොදැක් වූ වානම් මේ කෙල්ලට පරිවාසයක ලගින්නට බොහෝ දුරට ඉඩ තිබිණි. ඒ ගැන ඔබට නොසිතේ ද?
    එසේම ඔබ පෙන්වා දෙන කරුණු ගැන මම ද එකඟ ය.

    ReplyDelete
  2. අකුරු කළු පාට නිසා පැහැදිලි මදි බං. වෙනස් කරපං.

    ජය !

    ReplyDelete
  3. මට පෙන හැටිද? නැත්නම් මේකේ හැටිද? ඔක්කොම කළු පාටයිනේ.....

    ReplyDelete