Friday, March 1, 2013

දුවන පනින ළමයා.







වහාම ක්‍රියාත්මක වන පරිදි පාසල් ළමුන් ක්‍රීඩා කටයුතු සදහා යොමුකර ගැනීමේදී වෛද්‍ය සහතිකයක් ලබා ගන්නා ලෙස ජනාධීපති තුමා උපදෙස් දී තිබෙනවා.

හේතුව පාසල් ක්‍රීඩා කටයුතු වල නිරත වීමෙදී සිසුන් කිහිපදෙනෙකු මිය යාම.

ඇත්තටම ක්‍රීඩා කටයුතු පාසල් සිසුන්ට ඒ කීවේ පාසල් පද්දතිය තුල ක්‍රියාත්මක කරන්නේ නිරෝගී පරපුරක අපේක්ෂාවෙන්. එහෙනම් ඇයි ලංකාවේ මේ අවුරුද්ද තුලදී සිසුන් මිය යන්නේ...
හේතුව ඔවුන් රෝගී හා ශරීර යෝග්‍යතාව නොමැති අයවලුන්ලු.මින් පෙර වසර වලදීත් ළමුන් මිය ගියත් ඒ අනතුරු වලට මුහුණ පෑමෙන්.

නමුත් අද වන විට තත්වය වෙනස් වෙලා...

මෙම තත්වය මෙසේ වෙනස් වූයේ ඇයි? කිසිදු බලදාරියෙක් අවධානය යොමු කරන්නේද නැත. එමුන් කරන්නේ ප්‍රතිඵලය දෙස බලා හරි වැරදි ලකුණු කිරීමයි.

හමීට වසර කිහිපයකට පෙර ක්‍රීඩා කටයුතු නිතර වීමෙදී අනතුරකින් හැර කිසිවෙකු මිය ගියේද? නැත.
අද වන විට සාමාන්‍ය සිදුවීමක් වෙලා. වරද කවුරුන් විසින් බාරගත යුතුද? පාසල් ක්‍රිඩා උපදේශකවරුන්, ගුරුවුන්, පාසල් විදුහල්පති තුමා, අධ්‍යපන අධක්ෂක, අධ්‍යපන අමාත්‍යංශ ලේඛම්, එහම නැතිනම් අධ්‍යාපන ඇමතිතුමා. අවසානය... කොකටත් තෛලය.. අතිගරු ජනධිපති තුමා...
ඔවුන්ට පෙර මෙ‍ය වැරද්දක් කරවු,  සැබෑ වැරදිකරුවා හදුනාගත යුතුයි.

කලකට පෙර දරුවා යන්න සිතන විට දුවන පනින කඩිසර ක්‍රියශීලී සිතුවමක් මැවෙයි. නමුත් අද දරුවා යන්න සිතන විට මැවෙනුයේ එක් තැනකට වී නියපොතු කකා රූපවාහිනී නරඔන, පරිඝණකයක් ඉදිරිපිට GTA ක්‍රීඩා කරන ළමයෙකි.

දෙමාපියන් ළමුන් තුළ නිර්මානය කිරීමට පොර බදන්නේ තරගකාරී අධ්‍යාපන රටාවකට හුරුවීම පමණි. ක්‍රීඩාව ඔවුන්ට වැඩක් නැත. නමුත් රැකියා ලෝකයේ ක්‍රීඩකයාට ඇති ඉඩකඩ තේරුම් ගන්නේ පාසල් ජීවි‍තයේ අවසාන කාලයේදීය. එම නිසා ක්‍රීඩාවට යොමු වෙයි. එයිනුත් බලාපොරොත්තුවනුයේ ජයග්‍රහනය ලැබීම පමණකි. පරාජය මිහිර විද ගැනීමටද හුරුවී නැත.  ජීවිතය ගැන නොතකමින් නොහැකි දේ ඉටු කරමින් ජයග්‍රහනය හබා යයි.

වැරදි කරුවා... නමාගේ පහසුව තකාත්, නවීන පන්නයේ සිරිතට හැඩ ගැසිය යුතු යැයි සිතමින් ළමයා ක්‍රීඩාවෙන් ඈත් කල දෙමාපියන්ද, ක්‍රීඩාවට අකුල හෙලූ ගුරුවරුන්ද, වැටුප ගැන සිතදින් කල් මැරූ ක්‍රීඩා උපදේශක වරුන්ගේ සාමූහික ප්‍රයත්නයක් මත මෙම තත්වය ඇතිකරගෙන ඇත.
විසදුම ළමයා ක්‍රීඩාවට යොමුවන විට වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කළ යුතුයැයි නීති සම්පාදනය කරමින් ළමයා ක්‍රීඩාවට තිත තැබීමට අනුග්‍රහය දැක්වීමද?

එයින් ළමයින් 10ක් වයස අවුරුදු 20දී මිය යෑමෙන් වලකා ගත හැක. නමුත් වයස අවුරුදු 40 වනවිට ඔවුන්ගෙන්ම 100 දෙනෙක් මිය යනු ඇත. තවත් දහස් ගණනක් අබාධිතයින් වෙනු ඇත.

අවශ්‍ය වන්නේ ශරීර යෝග්‍යතාවයෙන් යුතු පරපුරක් බිහිකරීම මිස අබාදිතැයැයි ලේබල් කර ඇති පරපරුක් ඇති කිරීම නොවේ.
ක්‍රීඩාව 01 වසරේ සිට අනිවාර්ය නොකරන්නේ, ක්‍රීඩා අධ්‍යාපනයක් ලබා දීමට පියවර නොගන්නේ..........................................................